Tuesday, January 15, 2013

"රිසනා වෙනුවෙන්" තවත් රිසානා කෙනෙක් බිහි නොවන්නට



(අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලදී)

රිසානා ගේ හිස ගස දැමීමේ පුතාව දැන් පරණ එකක් කියා ඇනෝ කෙනෙක් සුදීක අය්යා රිසාන ගැන ලියල තිබ්බ පොස්ට් එකේ කොමෙන්ට් කරලා තිබ්බා. එත් මේක රිසානා වෙනුවෙන් කිව යුතුමයි. රිසානා වගේ මැදපෙරදිග ගිහින් තමන්ගේ ශ්‍රමයෙන් තම මව් රට පෝෂණය කරන තවත් දහස් ගණනක් වූ ශ්‍රී ලාංකීය සහෝදරියන් වෙනුවෙන් මෙසේ ලියා තබමි.

9 වෙනිදා  මධ්‍යහන 12 ට පමණ රිසනා නෆීක් හිස ගස දමා මරණ දණ්ඩනය නියම කරන ලද බව දැනගන්නට ලැබිණි. මහත්සේ දුකක් සිතට දැනුනේ හරියට මගේ හිතෛශියෙක් ගේ මලගමක් සැලවූ ලෙසමය.
මාතලන්, උමා හා තවත් අය රිසනා වෙනුවෙන් ලිය තිබු posts දුටුවෙමි ඇත්තටම හද කම්පා කරවන තරම සංවේගයක් ඇතිමුත් කරන්නට කිසිවක් නොමැති බව හැගෙන්විට ඊටත් වඩා වැඩි දුකක් ඇතිවේ. රිසානා වෙනුවෙන් විවිද ඇය විවිද දේ කරන්නට දැන් ඉදිරිපත්ව ඇත. රිසානාගේ මරණට දුක්වන ඒ පවුලට උදව් දෙන්න අවැසි මුත් ඉන් එහාට  දෙයක් සිදුවනු දක්කනට නැති එක ගැන නම් ඇත්තේ රිසානා ගේ මරණය තරම්ම බලවත් පසුතවිල්ලකි.

ප්‍රභාකරන් කිව්වා වගේ ශ්‍රී ලාංකිකයන්ට හැම දේම මතක ඇත්තේ දින කීපයක් වන නිසා මේ දවස් ටිකෙන් රිසානාගේ මරණයේ උණුසුම පහව යනවිට සියල්ලෝ සියලු දේ සතුටින් අමතක කරනු ඇත තවත් සිද්ධියක් පමණක් ඉතිහාසයට එක වී තිබේ. මෙය අවසානය නොවේ.රිසානාගේ මරණය නිසා වෙන් මැදපෙරදිග රැකියා සොයා යන්නවුන් නොනවතිනු අත. හෙටත් අනිද්දටත් මතුවටත් තවත් රිසානාල ගෘහ සේවයට රටින් පිට වනු ඇත. බාල වයස්කරයෙක්ගේ සැබෑ වයස වෙනුවට වැඩි වයසක් යොදා ව්‍යාජ ලියවිලි සාදා හෙටත් දරුවන් පිටරටට යැවෙනු ඇත. මෙතරම් ලොව තාක්ෂනය දියුණු ලොවක ව්‍යාජ ගමන් බලපත්‍රයක් හදුනා ගත නොහැකි අගමන විගමන දෙපාර්තමේන්තුවක් ගැන ලජ්ජා විය යුතුය. එසේ නොවේ නම් මේවා නොදැක්ක සේ සිටින්න උන් විය යුතුය.

මතුවට මෙවන් දේ නොවන්නට නම් තවත් රිසානලගේ ජීවිත අනතුරේ නොහෙලන්න ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතව පෙනේ. මොනයම් සේවකට රටින් පිට වන්නට පෙර විදිමත් කර්යන්ෂයක ලියාපදිංචියක් අනිවාර්‍ය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ලියා පදිංචි වෙන්නන් හට මනා විදේශීය භාෂා පුහුණුවක් ලබාදීමට කටයුතු කරන්නේ නම් විදේශයකදී සිදුවන සන්නිවේදන ගැටළු අවම කර ගැනීමට හේතු වේ. ඉහත විස්තර කරන ලද ලියා පදින්චියෙදී ශ්‍රමිකයා විදේශගත වීමට බලාපොරොත්තු වන රැකියා ක්ෂේත්‍රයේ නිපුණතාවය පරික්ෂා කිරීම අත්‍යවශ්‍ය වන අතර අදාල නිපුණතා මට්ටම් ඒ ඒ රටවල් අනුව වෙන් වෙන් කොට ඊට ගැලපෙන පරිදි ලකුණු දීමේ ක්‍රියා පිළිවෙතක් සකස් කිරීමෙන් අදාල රටේ අවශ්‍යතාවට අනුව පුහුණු ශ්‍රමිකයන් ඒ ඒ රටවලට අනුයුක්ත කල හැක.මෙවන් ලියාපදිංචි කිරිමක් මන පුහුණු වැඩ පිළිවෙලක් තිබුණි නම් බාලවයස්කාර රිසානාට ගෘහ සේවයට විදේශගත වීමට නොහැකි වනු ඇත.

විදේශගතවන සියලු ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ට රජයෙ මැදිහත් කමින් රක්ෂනවරණක් ලැබෙන්නේ නම් එය වඩා යෝග්‍ය කරුණක්ලෙස පෙනෙයි. තවද අත්‍යවශ්‍ය කරුණක් වන්නේ ඒ ඒ රටවල් වල නීති පද්ධතිය  ගැන අඩු තරමේ සමාජීය වටපිටාව ගැනවත් දැනුවත් කිරීම මෙරටින් පිටවන ශ්‍රමිකයාගේ යහපතට හේතුවේ. තම සේවය කිරීමට යන රටේ නීතිය කම්කරු අයිතිවාසිකම් මානව හිමිකම් ගැන මුලික දැනුමක්වත් ලබා මෙරටින් පිටවෙනවා නම් අඩුම තරමේ තමාට එරෙහිව අසාධරණයක් සිදුවෙද්දී පවා ඒ වෙනුවෙන් යම් පියවරක් ගැනීමට පුළුවන. අසාධාරණයක් වෙනුවෙන් හඩක් නැගීමට අඩුම තරමේ තමාට අසාධාරනාක් වන බව දත යුත්තේය.

අත්‍යවශ්‍ය කරුණ වන්නේ තමාට ගැටළුවක් හෝ කරදරයක් සිදුවූ විට පිහිට පතන්නේ කොහෙන්ද යනවගය.  නීතිමය ගැටළුවක් නම් උපකාර ලබන්නේ කෙසේද යනවග. තානාපති කාර්යාලය මෙයට ඍජුව මැදිහත් වන්නේ නම් එවන අවස්ථාවකදී භාෂා පරිවතන ගැටළු වැනි ඒ අවම කරගත හැක. මෙවන් වැඩපිළිවෙලක් තිබුනිනම් රිසානාගේ කතාව මීට වඩා වෙනස් ලෙසින් ලියවෙනු ඇත.

රිසානා මෙන්ම මදපෙරදිගදී හිංසනයට ලක්වූ අපේම සොයුරියන බොහොමයක කතා මීට වඩා වෙනස ලෙසින් විසදීමට ඉඩ තිබිණි. අවශ්‍ය වන්නේ ඒ පිලිබඳ යොමුවීම පමණි. වසරකට විදේශ ගත ශ්‍රී ලන්කීයන් උපයන මුදල $$$$$$$$  යයි පුරසාරම් දෙඩීමෙන් පලක් නැතිබව දැන් වත් අවබෝධ වනවානම්. හෙට දිනයේදීද ඉසුරු සොයා කටුනායකින් එතෙර පියාඹන ලන්කීයන්ගේ ජීවිත සුරක්ෂිතවනු ඇත.









8 comments:

  1. අස්සයා ගියාට පසු ඉස්තාලය වසන ප්‍රතිපත්ති සහ වඳුරන් ගෙවල් හදන දේ සිහිපත් කරන නීති සම්පාදනය වන රටකට මීට වඩා හොඳ ප්‍රවෘත්තියක් අසන්න ලැබෙන්නේ කෙසේද ?

    ReplyDelete
  2. වරද වරදක් ලෙස දැකත් නොදැක්කා සේ වීම මෙරටේ ලොකුම වරදය.

    ReplyDelete
  3. වරද වරදක් බව දැනගෙනත් වාසියට කට වහගෙන ඉන්න එකත් ලාංකීකයින්ට පුරුද්දක් වෙලා කල්පනා...අපිට මෙහෙම දේවල් තව ඉදිරියත් අහන්න ලැබෙයි. අපි දුක්වෙයි. රජය නිෂ්ශබ්ද වෙයි. එච්චරයි.

    ReplyDelete
  4. ඔව් ලිහිණි ඔයාගේ කතාවට මම එකගයි.මොකද අපේ රටේ මිනිස්සු දේශප්‍රේමී වෙන්නේ facebook එකේ විතරක් නිසා

    ReplyDelete
  5. දරද්‍ර‍තාවට විසදුමක් දෙන තුරු...තවත් රිසානාලා බිහිවීම වළක්වන්න බෑ... එය රජයේ වගකීම

    ReplyDelete
  6. දරිද්‍රතාවය නැති කිරීම රජයේ වගකීම සේම මිනිසුන්ගේ ආකල්ප වෙනස් වීමක් ද අවශ්‍ය වේ.

    ReplyDelete