රුචිකා ගේ විස්තරේ

සංගිලි පාලම ලියන මම රුචිකා. kalpana Fernando කියල එකේ නම වැටුනට මගේ නම රුචිකා. සංගිලි පාලමෙන් එගොඩ වෙන්න එන මගදී බොහෝ යාලු මිත්‍ර කම් ගොඩ නැගේවි. සයිබර් අවකාශයේ යාලුවෝ මට එහෙම කතා කරවී  කියල හිතෙනවා. රුචිකා එක්ක සංගිලි පාලමේ යද්දී හම්බු වෙන තව චරිත දෙකක් ඉන්නවා. සේනා සහ දෙව්නි. සේනා මගේ යාළුවා ආදරවන්තය කොටිම්ම රුචිකගේ ජීවන සහකාරය.දෙව්නි කියන්නේ සෙනගෙයි රුචිකාගෙයි වස්තුව අපේ දෝනි.

මගේ blog එකට සංගිලි පාලම කියල නම දැම්මේ ඊ කියලත් කියන්න ඕනි. බ්ලොග් ලිවිල්ල පටන් ගත්තේ 2012 දෙසැම්බර් මාසේ. මගේ බ්ලොග් එකට දන්නා නමක් හිතද්දී තමි සංගිලි පාලම කියන නම මතක් උනේ.
සංගිලි පාලම හරියට අපේ ජීවිතේ වගේ නේද කියල හිතුන. සංගිලි පාලම වෙන පාලම වගේ ඔහේ නිකම්ම නිසොල්මනේ ඉන්න පාලමක් නෙවි. එගොඩ වෙන්න එන කෙනාට අභියෝග කරනවා දෙපැත්තට පැද්දෙනවා. සංගිලි පාලමෙන් එගොඩ වෙන්න බය නැති හිතට හයිය තියන කෙනෙක් වෙන්න ඕනි. ජීවිතෙත් සංගිලි පාලම වගේ අභියෝග කරනවා හැමවෙලේම. එහෙම නැති උනා නම් මේ ලෝකේ පැවැත්මක් නැති වෙයි නේද.

No comments:

Post a Comment