Monday, January 28, 2013

ගැලරියෙ සිට සුසුම් හෙලීම.


දිළින්දන්

(අන්තර්ජාලයෙනි )
ඔබත් මමත් ජීවත් වන ලෝකය තුල සියලු සම්පත් සමසේ තුලනාත්මකව බෙදී ගොස් නැත. ලොව ඇති දැවෙන ප්‍රශ්න සියල්ලටම හේතුව සමානාත්මතාවක් නොමැති කමය. එකම සංයුතියෙන් මිනිසුන්ලෙස උපත ලැබූ අපි ඇති නැති ලෙස බෙදී සිටින්නවුන් වෙමු. ලොව දිළින්දන් ලෙස හඳුන්වනු ලබන නිරණයක කොතෙක් උවත්, අපි සියල්ලන්ම දිළින්දන් වෙමු. මන්ද මොන දේවල් වලින් පරිපුර්ණ වී සිටියද  ඔබත් මමත් අපට අහිමි දෙයක් ගැන සිතමින් සිටින නිසාවෙනි. එහෙත් මේ කතාව එය නොවේ.

මේ සටහන කියවන ඔබටත් මටත් තමන්ගේ මුලික අවශ්‍යතා ඉටු කරගැනීමට තවත් කෙනෙකු මත යැපීමට සිදු නොවේ යයි මම සිතමි. (තවමත් දෙමාපියන්ගෙන් පෝෂණය වන දරුවන් වන ඔබ පෝෂණය කරන්නේ ඔබේ දෙමාපියන් කිසිවෙකුගෙන් යැපී යැයි මම නොසිතමි.) එහෙත් එසේ නොවන බොහෝ පිරිසක් ද ඔබත් මමත් සිටින මේ ඉර හඳ යට සිටින බව පිළිගත යුතුමය.

ඉහත රුපය මට ලැබුනේ මුහුණු පොතෙනි. එහි සත්‍ය හිමිකරුට එහි සියලු ගෞරවය හිමිවිය යුත්තේය. මන්ද වචන සියගණනක් හැගීම් එක මොහතකින් කියවෙන ලෙස නිර්මාණ කර ඇති නිසාවෙනි. මෙකි චිත්‍රය මහා සමාජීය යථාර්තයක් අපුරුවට චිත්‍රණය කරයි.ගැලරියේ දිළිඳගේ රුපය දෙස පොර කකා බලන මිනිසුන්ට ගැලරියෙන් මෙපිට සිටින දිළින්දා නොපෙනීම කනගාටුවකි. ගැලරියේ දිලින්දගේ රුපය දෙස බලාගෙන සිටින ඔවුන් මිපිට සිටින එමිනිස ඉදිරියෙන් බර සපත්තු අඩි තබමින් ඇවිද යන්නෝය. විශාල මුදලක් ගෙවා ගැලරියට ඇතුල්වී දිලින්දගේ රුපය බලන මිනිසුන් එලියට විත් අතේ ඇති මාරු කසියෙන් අවමය තොරා දිලින්දට දික් කරනු ඇත. සමහරවිට කිසිවක් නොදෙනු ඇත.

ගැලරියේදී මේ රුපයට අප්‍රමාණ විචාර ශිල්පීය දකෂතා ඇගයීම් සිදුව්වෙද්දී, මේ රුපයේ සිටින මිනිසාට ලැබෙන දෙගන සිතාගත නොහැක. මේ මිනිසා වෙනුවෙන් බොහෝ දෙන ගැලරියේදී දුක් වනු ඇත, අවාසනාවන්ත ඉරණම ගැන කතාකරමින් බොහෝ සුසුම් හෙලනු ඇත. මේ දරිද්‍රතාව ගැන බොහෝවිට කතාකරන්නේ දේශපාලකයින්ය. දරිද්‍රතාව නැතිකිරීම ගැන පුරසාරම් දොඩන කාලය වැඩෙහි යෙදෙව්වනම් මේ වන විට බොහෝ ප්‍රතිපල නෙලගතහකිව තිබිණි. බොහොමයක් දෙන දුප්පතුන්ට යමක් දීමට පසුබට නොවෙති. ඒ වූ කලී ලාංකීය අපගේ හදවතේ තෙතමනයයි.


කලාගාරයකදී දිළින්දන් වෙනුවෙන් සුසුම් හෙලන අප ඉන් පිටතදී දිළින්දන් වෙනුවෙන් යමක් කරන්නට දෙවරක් සිතනවා නේද? දිළින්දන්ට කෑමට ඇමක් දීම භාවිතාකර ඉවතලන ඇඳුමක් දීමට එහ ගිය දෙයක ඔවුන් වෙනුවෙන් කරන්නට හැකිනම්.

මෙවනාහි සම්ප්‍රදායයි දිළින්දන්ට සත්කාර කිරීමෙන් ඔබ්බොට ගියවලුන් වෙති.




ඔබට හ මට ලොකු දේවල් ඉක්මනින් කිරීමට නොහැකි වනු ඇත. එනමුදු අපේ පුංචි උත්සහයක් ලොව වෙනස් කිරීමේ පළමු පියවරක් වනු ඇත. දුප්පතුන් වෙනුවෙන් ආකල්පමය වෙනසක් අත්‍යවශ්‍ය වේ.

10 comments:

  1. ඊට පස්සෙ ප්‍රායෝගිකමය වෙනසකුත් අවශ්‍යයි

    ReplyDelete
  2. වෙනස් සිතුවිල්ලක් ඊට අපි වෙනස් වීම අවශ්‍යයි. සමාජය වෙනස් කරන්න වෙන්නේ ඊට පස්සෙයි. ඔන්න මමත් ආව මේ පැත්තේ අහම්බෙන් පාර සැට් උනේ.
    කෝරලේ වලව්ව

    ReplyDelete
  3. තිත්ත උනත් ඇත්ත මේකයි....සමාජේ කැපිලා පෙන්න කෑ ගහන සමහර මිනිස්සු අතින් ඇත්තටම සමාජෙට දෙයක් වෙනවද කියන එක ප්‍රශ්නයක්...

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට මම එකයි.ඒ අයට අවශ්‍ය තමන්ගේ වාසියට හැමදේම හරවා ගැනීම පමණයි.

      Delete
  4. ඔන්න ඔබේ ආරාධනය පිළිගෙන මෙහාට ආවා. බොහොම හොඳයි. අගනා ලිපියක්. හොඳට කරුණු සකසාගෙන දිගටම ලියන්න.

    යුද්ධ කාලේදී මේ රටේ ඈත ගම්වල සිංහල, දෙමල, මුස්ලිම්, මිනිස්සු විඳින දුක මම ඉතා විශාල වශයෙන් අත්වින්දා. අද ඔවුන්ට යම් තරමකින් හෝ සහනයක් ලැබී ඇතැයි සිතීමත් සතුටක්. මේ තත්වය මගහැරවීමට කලයුතු ප්‍රධාන පිළියම වන්නේ නූගත්කම නැතිකිරීමයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  5. ගරු විචාරක තුමා සංගිලි පාලමට ආදරෙන් පිලිගනිමි.

    ReplyDelete
  6. ආරම්භයම මිනිසත්කමකින් පටන් ගැනිම මම ඉතාමත් අගය කරමි.ආශිර්වාද කරනවා මම ඔබේ දැක්ම සමාජයේ පැවැත්මට දායකයක් වේවා! කියලා

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  7. ස්තුතියි සහෝදරි

    ReplyDelete