Tuesday, December 11, 2012

තාත්තා උනත් මා


මම බ්ලොග් කලාවට  අලුත් කෙනෙක් මේක මගේ පලවෙනි blog Post එක. එක ලියන්නේ අම්ම ගැන ලියපු සිංදුවකින් 

ගීත රචනය සුනිල් ආරියරත්න 
සංගීතය රෝහණ වීරසිංහ
ගායනය පණ්ඩිත් අමරදෙව

මේ සින්දුව මම මුලින්ම ඇහුවේ රූපවාහිනී ටෙලි  සිත්තමකින් මට මතක විදියට එකේ නම් ජීවිතේ ලස්සනෛ හරි ජීවිතේ සුන්දරයි හරි තමයි. ඔය කතාව ගියේ රෑ  7.30 ට වගේ මගේ මතක හැටියට ඒ 2005 අවුරුද්ද 
වසන්ති චතුරාණි, රවින්ද්‍ර රන්දෙනිය දේවිකා මිහිරානි වගේ දක්ෂ නළුනිලියෝ රඟපෑ බොහොම ලස්සන කතාවක්. ජීවිතේ සැන්දෑ සමයට කලින් තමන්ගේ සැමියා මරණය නිසා තරුණ දූවරු 3ක් එක්ක තනිවෙන අම්ම කෙනෙක් තමන්ගේ දරුවොත් එක්ක ධෛර්යයෙන් ජීවිතේට මූණ දෙන හැටි තමා  එකෙ කතාව. කතාවේ හැටියට මේ දරුවන්ගේ තාත්තා 'සුමේධ' ගීත රචකයෙක් (රවින්ද්‍ර රන්දෙනිය ), එයා එයාගේ බිරිඳ වෙනුවෙන් ලියන  ගීතක් විදියට තමයි මේ ගීතය නිමානය වෙන්නේ.

මේක මව් ගුණ ගීයක් එත් අනිත් මව් ගුණ ගී වලට වඩා මේ සින්දුව වෙනස්. සාමාන්‍ය වෙන්නේ දරුවෙක් අම්මගේ ගුණ කියන විදියට තමි ලංකාවේ මව් ගුණ ගී ලියවෙලා තියෙන්නේ. අනිත් ඒව පොදුවේ මව්වරුනේ ගුණ සාගරේ වගේ නිසා එවන් බිඳක් අරන් ගීයක් කියනවා . මේ ගීතයේ පියෙක් තමන්ගේ බිරිඳ ඒ කියන්නේ තමන්ගේ දරුවන්ගේ අම්මා දකින විදිය තමි ලියවිල තියෙන්නේ. ආසියාතික පිරිමි ගොඩාක් දෙනෙක් තමන්ගේ අම්මා ඉතාම ශ්‍රේෂ්ට විදියට දකිනවා එත් තමාගේ බිරිඳ කියන කෙනාට ඒ ගෞරවය ලැබෙනවද කියන එක විමසල බලන්න ඕනි.
සැමියාගේ දරුවන්ගේ වැඩ අස්සේ හැමදාම හිරවෙලා ඉන්න අම්මාවරු අපි අතරේ ඕන තරම් ඉන්නවා එයාලට එයාලගේ කියල වෙන ලෝකයක් නෑ. හුගාක් අම්මල ඒ වැඩ තමාගේ යුතුකම් කියලයි හිතන්නේ. එයාලගේ සතුට තමයි  දරුවන්ගේ සතුට තමන්ගේ සැමියාගේ සතුට. ඒවගේ අම්මල ගොඩාක් ඉන්නවා කෙරුවත් එයාල කරන දේවල් අගය කරන්නේ නෑ. විශේෂයෙන් තාත්තා කෙනෙක් තමන්ගේ බිරින්දෑ ගෙන් වෙන අඩුපාඩු ගැන විටහරක් හිතන කලෙක ඇය තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන දේවල ප්‍රශන්සනතමකව කතා කිරීම නිසා මේ ගීතය විශේෂ වෙනවා.
මේ ගීතයේ සැමියා තමන්ගේ බිරිඳ දකින්නේ අම්ම කෙනෙක් විදියට. ඇය ගැන ඇති වෙච්ච අතිශය පිරිසිදු ගෞරවය මුසු ආදරණීය බවක් මේ ගීතය පුරාම අසන්නට සංවේදනය වෙනවා. මේ ගී පද පෙලට එකතු වෙලා තියන සංගීතයත් අමරදේවයන් ගේ අපූරු ලයාන්විත කට හඬත් ගීතය මගේ හදවතට හුගක් සමීප කලා.
youtube එකෙන් ගත්ත මේ ගීතයේ පද වලත් එක්කම තියන මේ link එක පහලින් තියනවා ගීතය රස විඳින්න.

 http://www.youtube.com/watch?v=YQbu--XtPnI







10 comments:

  1. දිගටම ලියාගන ලියාගන යමුකෝ බලන්ඩ

    වර්ඩ් වෙරිපිකේසන් අයින් කරලා දාන්න

    ReplyDelete
  2. මේ වැරැද්ද මමත් මුලින්ම කළා. පළමු බ්ලොග් එක නොව පළමු බ්ලොග් පොස්ට් එක නැත්නම් ලිපිය ලෙස නිවැරදි විය යුතුයි. මේ ලිපියෙන් අපි නොදකින පැත්තක් ඔයා දැකල තියෙනවා. දිගටම ලියන්න ශක්තිය දෛර්ය ලැබේව !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.වරද නිවැරදි කර ගතිමි.

      Delete
  3. ඔන්න මමත් ආවා මේ පැත්තට. දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ළිහිණි

      Delete
  4. හ්ම් ඔයාගේ අදහස් අමුතුයි .....ලස්සනට ලියමු දිගටම...අතරමග නවතින්න එපා අවස්ථාවක් ලැබුන විගස පොස්ට් එකක් දාන්න

    ReplyDelete
  5. Replies
    1. ස්තුතියි, පැමිණීම සතුටක්.

      Delete