මේ පින්තුරය අද මුහුණු පොත බලද්දී ලැබුනේ. මේකේ ඇත්ත අයිතය ඇත්තේ කාටද කියල දන්නේ නෑ. එත් එමක මම ගත්තේ මෙන්න මෙතනින්.
https://www.facebook.com/photo.php?fbid=491675017538347&set=a.197110776994774.43033.193218727383979&type=1&theater
අපිත් අවුරුදු 33 යුද්දෙක පැටලිලා බැට කාපු ජාතියක්. රටේ යුද්දයක් නිසා අපි හැමෝටම එකේ ප්‍රති විපාක අඩු වැඩි වශයෙන් විඳින්න උන. මටත් දන්න තේරෙන දවසේ ඉඳල ප්‍රවෘත්ති වල ඉස්සර වෙලාම දීපු පුවත තම යුද්දේ update එක. පොඩි ළමයාගේ ඉඳල වියපත් වැඩිහිටියා දක්වා යුද්දය ලේ මස් අට නහර වලට ජීර්ණය කරවල තිබ්බ යුගයක අපි ජීවත් උනේ.
යුද්දයෙන් පස්සේ අපිට මොනාද ඉතුරු උනේ? අපි එක ගැන වෙනම කතා කලයුතු ලොකු මාතෘකාවක්. එත් මේ ඉහත පින්තුරෙන් පෙන්නනදේ යුද්දෙන් අපිට ඉතුරු කරපු දෙයක්. වචන සීයකින් නැත්තම් අකුරු 1000ක් නැතුව එක පාරින් මේදේවල් කියවෙනවා. මේ පවුලේ අම්මා ගේ අත පැටලෙන්නේ හිස් කෝට් එකක හමුදාවේ නිල ඇඳුමක. නිල ඇඳුමට එක තොප්පිය පුංචි පුතා ගෙන. මේ පින්තුරේ අපේ රටේ එකක් නෙවි. එත් යථාර්තය අපිටත් පොදුයි. ඔය වගේ අසම්පුර්ණ පවුල් කීයක් පහුගිය අවුරුදු 33 අපේ රටෙත් නිර්මාණ වෙන්න ඇති ද? ඊළඟ පින්තුරේ බලන්න.
(අන්තර්ජාලයෙනි)
මම මේ පින්තුරේ හඳුන්වන්න කැමති උද පින්තුරේ ලාංකීය පරිවර්තනය හැටියට. මේකේ ඉන්නේ මේජර් ලලිත් ජයසිංහ රණවිරුවාගේ බිරිඳ හ දියණිය. දියණියගේ මුල් අකුරු කියවීම. දියණියගේ අකුරු කියවීමට ඒ ශ්‍රේෂ්ට පියා වෙනුවට ඉන්නේ ඔහුගේ පින්තුරය. මේ දියණිය අගේ පියා දැකල නෑ. ඇගේ අම්මාට සදාකාලික සුදු සාරියක් උරුම කරමින් ඔහු ජීවිතෙන් සමුගෙන. ඒ ඔහුගේ උවමනාවට වත් ස්වභාවිකව සිදු වූ මරණයක් නොවේ. ඔහු තම උපන් රටේ ඒකීය භාවට උදෙසා ජීවිතය පූජා කල උදාර මිනිසෙක් ලෙස හැමදාම ඉතිහාසයේ ඉඳීවි.
මේ ඉහල හා පහල පින්තුර වල ඉන්න ගැහැනුන් දෙදෙනාම යුද්දයේදී ඉතිහාසයට එක වූ ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් තරම්ම ශ්‍රේෂ්ඨයි. මම එහෙම කියන්නේ තවත් මිනිසුන් විශාල පිරිසකගේ උන්නතිය උදෙසා තමන්ගේ ජීවිතයේ වටිනාකම් කැපකරන්න තරම් හැම ගැහැනියක් ම පරාර්ථකාමී නොවන නිසා. අවංකව ගැහැනියක් බිරිඳක් මවක් ලෙස මට උනත් එවන් පරිත්‍යාගයක් කිරීමට තරම් පරාර්ථකාමී සිතක නෑ. එනිසා මේ පින්තුර දෙකේම ඉන්න ගැහැනුන් දෙදෙනාම එවන් උත්තරීතර හදවත් ඇති අය ලෙස හදුන්වාදෙන්න පුළුවනි.
යුද්දයක් අවසාන වෙන්නේ එක පාර්ශවයකට ජය හ අනෙක් පර්ශවයට පරාජය දෙමින්. එත් යුද්දෙදි මියගිය රණකාමීන්ගේ පවුල් වලට තම ලබැඳියගේ මරණය වෙනුවෙන් ඇති වූ ශෝකය සදාකාලිකයි. යුද්දයකදී මිය යන රණකමියෙක් වෙනුවෙන් තවත් බටයෙක් ආදේශ කරන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. එත් ඔහුගේ පවුලකට පියෙක් සැමියෙක් පුතෙක් ආදේශ කරන්නට හැකි කෙනෙක් මේ මිහිපිට නැත. ඉහල පින්තුරයේ සංවේදී පවුලේ ඡයාරුපයත් මුල් අකුරු කියවන දියණියගේ ඡයරුවත් පවසන්නේ එකම කතාව මය.
තවත් පැත්තක් තිබේ. මේ දරුවන් දෙදෙනාටම පිය අහිමි වන්නේ ඔවුන්ගේ පියවරුන් ගේ පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් සටන් කිරීමේදී නොවේ. දේශයක් එසේ නොමැතිනම් බොහෝ මිනිසුන් පිරිසකගේ යහපත වෙනුවෙනි. තවද මේ දරුවන් කිසි දිනක පියසේනේසහක් නොවිඳිනු ඇත. කවුරු මොනවා කෙසේ කීවත් මම යුද විරෝධියෙක් වෙමි. යුද්ධයෙන් වන විනාශය අනිත් සියලු දනාත්මක තර්ක පරදවා ඉදිරියට එයි. යුද්දයකට මැදි වී අපේ රටට අහිමි වූ දේ බොහෝය. ඉන් අපි "ජයග්‍රහණය" කරමින් අපට ලැබුණු දේවල අතර ඉහත ඡයරූ වලින් පෙන්වන දේවල ද තිබෙන බව අද බොහෝ දෙනාට අමතක වී ඇත.
ඔය වගේම publish නොවුණු photos අනන්තවත් දෙමල ගෑනුන්ගේ හිත්වලත් තියෙනවා....
ReplyDeleteජාතිය මොකක් උනත් යුද්දයකින් පසු අවසානයේ ඉතිරිවන්නේ ඔය වැනි photo ටිකක් විතරයි. මොනතරම් සාදාරනීකරනය කලත් යුද්දයට මා විරුද්ධ වන්නේ එනිසාමයි. කොයි පාර්ශවයෙන් උණත් යුද්දයකදී හා ඉන් පසු බොහොමයක් දුක් විඳින්නේ ගැහැනුන්.
ReplyDeleteරණවිරුවන් කල උදාර සේවය අද බොහෝ දෙනෙකුට අමතකයි...
ReplyDeleteඇත්ත සිරා අද බොහෝ දෙනෙක් එහෙම දෙයක් නොවිච්ච් ඉන්නේ.
ReplyDeleteහද සසල කළා මේ පෝස්ටුව... ඒ මන්ද යත් මම ද මේ අද්දැකීම කුඩා කල පටන් විඳින කෙනෙක් නිසාවෙන්. අදමයි මේ ඉසව්වට ගොඩ වැදුනේ...ජය වේවා...
ReplyDeleteඔබේ වචන දිරියක්. ඔබටත් ජය.
ReplyDeleteඅමතකව යන පිරිසක් ඔබ විසින් මතක් කරලා......බ්ලොග් ලෝකයට ආදරෙන් පිළිගන්නවා...දිගටම ලියන්න අකුරු ටිකක් ලොකු කරන්න.
ReplyDeleteබොහොම ස්තුතියි. පැමිණීම මට සතුටක්. අදහs දැක්වීම් ගැන ඇත්තේ ඊටත් වඩා සතුටක්.
ReplyDeleteහැගීම්බර මතකයක්
ReplyDeleteපමෙනීම සතුටක්
Deleteඅමතක කලයුතු දේ මතක තබා ගැනීමත් මතක තබා ගතයුතු දේ අමතක කිරීමත් පුරුද්දක් කරගත් ජාතියකට සිතන්නට යමක් දුන්නට ස්තුතියි....................
ReplyDeleteඔබේ අදහසට ස්තුතියි.
Deleteකොහොමද ඒ දවස්වල අපේ උන්ට රණවිරුවො තරම් දෙයියෙක් නෑ.. දැං නිකමටවත් ඒ ගැන මතක් කරනවද ?
ReplyDeleteඅහිංසක දරුවන්ට තාත්තේ කියන්න කෙනෙක් නැති උන එකයි, බිරිඳට අබ්බගාත සැමියෙක් ලැබුණ එකයි විතරයි උනේ අන්තිමට..
අද රණවිරුවෙකුට බස් එකේ ආසනයක් වත් ලැබෙන්නේ නෑ. එක තමා ඇත්ත. ඔබේ පැමිණීම අගය කොට සලකමි ස්තුතියි.
Deleteඇත්තමයි ඒ පින්තූර දකිද්දී පුදුම සංවේදී කමක් දැනෙන්නේ.ආයෙත් ඉතින් යුද්දනම් ඕනෙම නැහැ.
ReplyDeleteයුද්ධයක් නිමවීම තරම් සතුටක් ජාතියකට තවත් නෑ.
Deleteම්ම් යුද්දය හින්දා රටට ලැබුණු දේ වගේම අහිමි වුනු දේත් බොහොමයි..අදමයි මේ පැත්තට ආවේ....ගොඩක් හොද ලිපියක්..
ReplyDeleteඔබේ පැමිණීම අගය
ReplyDelete